9 වැනි වරටත් ලොව සතුටින්ම සිටින රට බවට ෆින්ලන්තය පත්වේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්ව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සුභසාධන පර්යේෂණ මධ්‍යස්ථානය මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන “ලෝක සන්තෝෂිත වාර්තාව” (World Happiness Report) මගින් මෙය අනාවරණය කර තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කිරීම සඳහා ලොව පුරා රටවල් 147ක ජනතාවගෙන් ඔවුන්ගේ ජීවිතයේ තෘප්තිමත්භාවය පිළිබඳව විමසන ලද මත විමසුම් ඇතුළු දත්ත විශාල ප්‍රමාණයක් උපයෝගී කරගෙන ඇත.

ලොව සතුටින්ම සිටින රට ලෙස සිය ආධිපත්‍යය තහවුරු කරගනිමින්, පිට පිට 9 වැනි වරටත් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ෆින්ලන්තය සමත් වී ඇත. පුද්ගලයන්ට තම ජීවිත කෙතරම් අර්ථවත් සහ තෘප්තිමත් ලෙස දැනෙන්නේද යන්න මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනේ.

ඒ අනුව  ලොව සතුටින්ම සිටින රටවල් 5 ලෙස පිළීවෙලින්  ෆින්ලන්තය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්වීඩනය සහ ඊශ්‍රායලය වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top