මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළේ ඇති වී තිබෙන බාධා හමුවේ, ඉන්ධන සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කළ පළමු යුරෝපා සංගම් සාමාජික රට බවට ස්ලෝවේනියාව පත්ව තිබේ.
පුද්ගලික රථවාහන සඳහා සසාමාන්‍ය රියදුරෙකුට දිනකට ලබාගත හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ලීටර් 50 කට සීමා කර ඇත. ව්‍යාපාරික කටයුතු සහ ගොවිතැන් කටයුතු සඳහා දිනකට ලීටර් 200 ක වැඩි දීමනාවක් ලබා දී තිබේ. ඔස්ට්‍රියාව වැනි අසල්වැසි රටවල ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්, එම රටවල රියදුරන් අඩු මිලට ඉන්ධන ලබාගැනීමට ස්ලෝවේනියාවට පැමිණීම (“fuel tourism”) මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වී ඇත. ඔස්ට්‍රියාවේ යුරෝ-සුපර් 95 පෙට්‍රල් ලීටරයක් යුරෝ 1.80 ක් පමණ වන විට, ස්ලෝවේනියාවේ එය යුරෝ 1.47 ක උපරිමයක රඳවා ගෙන තිබේ.
ස්ලෝවේනියානු අග්‍රාමාත්‍ය රොබට් ගොලොබ් (Robert Golob) අවධාරණය කළේ රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් හිඟයක් පිළිබඳව බිය නොවන ලෙසයි. මෙම සීමා කිරීම් ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉන්ධන පිරවුම්හල් සේවකයන් වෙත පවරා ඇති අතර, විදේශීය රියදුරන් සඳහා මීට වඩා දැඩි සීමා පැනවීමට ද රජය උනන්දු කරයි.
සමහර ස්ලෝවේනියානුවන් මෙම විදේශීය රියදුරන් පැමිණීම පීඩාවක් ලෙස සැලකුවද, තවත් පිරිසක් පවසන්නේ ඔවුන් පැමිණ දේශීය අවන්හල් සහ වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීම හරහා ආර්ථිකයට වාසියක් සිදුවන බවයි. කෙසේ වෙතත්, දේශසීමා අසල පිහිටි සමහර ඉන්ධන පිරවුම්හල් මේ වන විටත් සම්පූර්ණයෙන්ම හිස්ව පවතින බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



