Waitrose මිනරල් වතුර බෝතල්වල වීදුරු කැබලි තිබීමේ අවදානමක්!

වේට්‍රෝස් (Waitrose) සුපිරි වෙළඳසැල් ජාලය මගින් අලෙවි කරනු ලබන මිනරල් වතුර බෝතල්වල වීදුරු කැබලි අඩංගු විය හැකි බැවින්, ඒවා වහාම ආපසු ලබා දෙන ලෙස බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිති ඒජන්සිය (FSA) අනතුරු අඟවා තිබේ.

ස්කොට්ලන්තයේ කයිරන්ගෝම්ස් (Cairngorms) ජාතික වනෝද්‍යානයේ ස්වභාවික උල්පත්වලින් ලබා ගන්නා No1 Royal Deeside Mineral Water (මිලිලීටර් 750) කාණ්ඩ කේත (Batch Codes) NOV 2027 28, DEC 2027 01, 02, 10, 11, 16 සහ Sparkling Water කාණ්ඩ කේත DEC 2027 01, 03, 12, 15, 25 බෝතල් මෙසේ ආපසු කැඳවා ඇත.

වේට්‍රෝස් සමාගම මෙම අපහසුතාව පිළිබඳව සිය කනගාටුව පළ කර ඇති අතර, පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව ප්‍රකාශ කර ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top