බ්‍රිතාන්‍යය තුළ රැකියා කිරීමේ අයිතිය (Right to work) තහවුරු කිරීම සඳහා ‘ඩිජිටල් හැඳුනුම්පත‘ (Digital ID) අනිවාර්ය කිරීමට තිබූ සැලසුම අත්හැර දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
2029 වන විට රැකියා පරීක්ෂා කිරීම් ඩිජිටල් ක්‍රමයට (උදා: බයෝමෙට්‍රික් විදේශ ගමන් බලපත්‍ර මගින්) සිදු වුවද, රජයේ නව ඩිජිටල් හැඳුනුම්පත් වැඩසටහනට ලියාපදිංචි වීම අනිවාර්ය නොවේ. මීට පෙර අගමැති කීර් ස්ටාර්මර් (Keir Starmer) ප්‍රකාශ කර තිබුණේ ඩිජිටල් හැඳුනුම්පතක් නොමැතිව කිසිවෙකුට බ්‍රිතාන්‍යය තුළ රැකියාවක් කළ නොහැකි වනු ඇති බවයි. නමුත් දැන් එම ස්ථාවරය වෙනස් වී ඇත. මෙම සැලසුමට එරෙහිව පුද්ගලයින් මිලියන තුනකට (මිලියන 30 ලක්ෂයකට) ආසන්න පිරිසක් අත්සන් කළ පෙත්සමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබුණි.
රජය දැන් තර්ක කරන්නේ මෙම ඩිජිටල් හැඳුනුම්පත මගින් මහජනතාවට රජයේ සේවාවන් (Public Services) වඩාත් පහසුවෙන් සහ ආරක්ෂිතව ලබා ගැනීමට හැකි වනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



