ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානතම මූල්‍ය දායකයා වූ ඇමරිකා එක්සත් ජනපදය, එම සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසරකට පෙර අත්සන් කරන ලද විධායක නියෝගයකට අනුව මෙම ඉවත් වීම සිදු විය.
ඇමරිකානු රජය සිය තීරණය සාධාරණීකරණය කරමින් පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අසාර්ථක ආයතනයක් බවයි. කොවිඩ් වසංගතය පැතිර යන සමයේ සංවිධානය චීනය කේන්ද්‍ර කරගත් (China-centric) ආකාරයෙන් ක්‍රියා කළ බවට ඇමරිකාව චෝදනා කරයි. සංවිධානය තුළ දේශපාලන බලපෑම් අධික බවත්, අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ඔවුන් අපොහොසත් වූ බවත් වොෂින්ටනය පවසයි.
ඇමරිකාව ඉවත් වීම ලෝක සෞඛ්‍ය සංවිධානයට මරු පහරක් වී ඇත. 2024 සහ 2025 වසර සඳහා ඇමරිකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 260ක (රුපියල් බිලියන 78කට අධික) මුදල ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත. මූල්‍ය අර්බුදය නිසා සංවිධානයේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි වී තිබේ. ජිනීවාහි පිහිටි මූලස්ථානයේ සිටි සියලුම ඇමරිකානු නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරුවන් මේ වන විට ඉවත් කර ගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පෙබරවාරි 2-7 දක්වා පැවැත්වීමට නියමිතය. ඇමරිකාව පවසන්නේ මින් ඉදිරියට රෝග පාලන දත්ත හුවමාරු කර ගැනීම සඳහා වෙනත් රටවල් සමඟ සෘජුව (Bilateral) කටයුතු කරන බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



