ඇමරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් (Bill Clinton) සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් (Hillary Clinton), මියගිය ලිංගික අපරාධකරු ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධයෙන් පැවැත්වෙන කොන්ග්රස් පරීක්ෂණය (Congressional investigation) හමුවේ පෙනී සිට සාක්ෂි දීමට එකඟ වී තිබේ. මෙය ඇමරිකානු දේශපාලනය තුළ ඉතා තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
කොන්ග්රස් සිතාසි (Subpoenas) නොසලකා හැරීම හේතුවෙන් කොන්ග්‍රසයට අපහාස කිරීමේ (Contempt of Congress) චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට රිපබ්ලිකන් පක්ෂය මෙහෙයවන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සූදානම්ව සිටියේය. එම අවදානම මඟහරවා ගැනීමට මෙම තීරණය ගෙන ඇත. “ක්ලින්ටන්වරුන් නීතියට ඉහළින් නොමැත” යනුවෙන් නිරීක්ෂණ කමිටුව (Oversight Committee) කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔවුන් පවසා ඇත්තේ සැමට පොදු වූ පූර්වාදර්ශයක් සැපයීමට තමන් සූදානම් බවයි. මීට පෙර පරීක්ෂණයට සහාය දීමට කැමැත්ත පළ කළද, පෞද්ගලිකව පෙනී සිටීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණි. එය ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂා කිරීම සඳහා සිදුකරන දේශපාලන ක්‍රියාවක් බව ඔවුන්ගේ මතය විය.
ජෙෆ්රි එප්ස්ටයින් සමඟ ලොව ප්‍රබල දේශපාලනඥයින් සහ ව්‍යාපාරිකයින් පැවැත්වූ සබඳතා පිළිබඳව වසර ගණනාවක සිට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී. ක්ලින්ටන් යුවළගේ සාක්ෂි දීම හරහා මෙම අඳුරු ගනුදෙනු පිළිබඳව නව තොරතුරු අනාවරණය වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



