ඓතිහාසික මට්ටමේ ප්‍රබලත්වයකින් යුත් ශීත කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ මිලියන 59ක පමණ ජනතාවකට දැඩි කාලගුණ අවවාද නිකුත් කර ඇති අතර, ප්‍රාන්ත රැසක හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර ඇත.
හිම පතනය සහ දැඩි සුළඟ හේතුවෙන් නිව්යෝර්ක් නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක ගමනාගමන තහනම් පනවා තිබේ. ඇමරිකාව පුරා ගුවන් ගමන් 5,500කට වඩා අවලංගු කර ඇති අතර, නිව්යෝර්ක්හි JFK සහ LaGuardia ගුවන් තොටුපළවලට මෙයින් දැඩි බලපෑම් එල්ල වී ඇත.
නිව් ජර්සි ප්‍රාන්තයේ පමණක් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 90,000කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති අතර, මේරිලන්ඩ් සහ වර්ජිනියා ප්‍රාන්තවලට ද මෙයින් බලපෑම් එල්ල වී තිබේ. පැයකට අඟල් 2-3ක වේගයකින් හිම පතනය වන අතර, ඇතැම් ප්‍රදේශවල අඩි 1-2ක් (සෙ.මී. 30-60) දක්වා හිම තට්ටු තැන්පත් විය හැකි බවට අනතුරු අඟවා ඇත.
ප්‍රබල සුළං තත්ත්වය හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත්, පවතින අතිශය අවදානම් කාලගුණික තත්ත්වය හමුවේ සංචාරය කිරීම නොකළ හැකි තරම් දුෂ්කර බවත් ජාතික කාලගුණ සේවය (NWS) පවසයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



