World News (ලෝක පුවත්)

සුඩානයේ නාය යාමකින් දහසකට වැඩි පිරිසක් මරුට

දින ගණනාවක් පැවති ධාරානිපාත වර්ෂාවකින් පසුව සුඩානයේ බටහිර මාර්රා කඳුකරයේ (Marra Mountains) සිදුවූ විශාල නාය යාමකින් පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සුඩාන විමුක්ති ව්‍යාපාරය/හමුදාව (Sudan Liberation Movement/Army) පවසයි. මෙම ව්‍යසනය හේතුවෙන් තාරසින් (Tarasin) ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ජීවත්ව සිටින එකම පුද්ගලයා පමණක් සොයාගෙන තිබේ. ඩර්ෆූර් (Darfur) හි ආණ්ඩුකාරවරයා වන මිනි […]

සුඩානයේ නාය යාමකින් දහසකට වැඩි පිරිසක් මරුට Read More »

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයට ඉතිහාසයේ දරුණුතම ගංවතුර: මිලියන 2ක් පීඩාවට

පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාත (Punjab province) එහි ඉතිහාසයේ දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දී ඇති අතර, ඒ හේතුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල වී තිබේ. සට්ලෙජ් (Sutlej), චෙනාබ් (Chenab) සහ රාවි (Ravi) ගංගාවල ජල මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව එරට බලධාරීහු පවසති. දේශගුණික විපර්යාස හේතුවෙන් තීව්‍ර වූ දැඩි මෝසම් වැසි සහ අධික ලෙස

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයට ඉතිහාසයේ දරුණුතම ගංවතුර: මිලියන 2ක් පීඩාවට Read More »

2025 වසරේ ලෝකයේ ආරක්ෂිතම රටවල් පහ එළිදැක්වෙයි

ලොව පුරා මතුවන ගැටුම් හේතුවෙන් ව්‍යාකූල වූ වසරක් වුවද, 2025 ගෝලීය සාම දර්ශකය (Global Peace Index) අනුව ලෝකයේ ආරක්ෂිතම සහ සාමකාමීම ජාතීන් පහක් පිළිබඳව අනාවරණය වී තිබේ. ආර්ථික විද්‍යා හා සාමය සඳහා වූ ආයතනය (Institute for Economics & Peace) විසින් නිර්මාණය කරන ලද මෙම දර්ශකය, ආරක්ෂාව, පවතින ගැටුම් සහ හමුදාකරණය වැනි දර්ශක 23ක් හරහා රටවල

2025 වසරේ ලෝකයේ ආරක්ෂිතම රටවල් පහ එළිදැක්වෙයි Read More »

ඉරාකයේ නියඟයෙන් වසර 2,300කට වඩා පැරණි සොහොන් 40ක් මතුවෙයි

ඉරාකයේ (Iraq) ඇති වූ දැඩි නියඟයක් හේතුවෙන් එරට විශාලතම ජලාශයේ ජල මට්ටම අඩුවීම නිසා පුරාණ සොහොන් 40ක් සොයාගත් බව පුරාවස්තු නිලධාරීන් පවසා ඇත. වසර 2,300කට වඩා පැරණි යැයි විශ්වාස කෙරෙන මෙම සොහොන්, ඉරාකයේ උතුරු දෙසින් පිහිටි දූහොක් (Duhok) පළාතේ ඛංකේ (Khanke) ප්‍රදේශයේ මොසුල් වේල්ල (Mosul Dam) ජලාශයේ මායිමේදී අනාවරණය කරගෙන තිබෙනවා. දූහොක් හි පුරාවස්තු අධ්‍යක්ෂවරයා

ඉරාකයේ නියඟයෙන් වසර 2,300කට වඩා පැරණි සොහොන් 40ක් මතුවෙයි Read More »

ඉන්දුනීසියාවේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් වලින් 3ක් මරුට!

නීති සම්පාදකයින් සඳහා ලබා දී ඇති මූල්‍ය වරප්‍රසාද ඉවත් කරන ලෙස ඉල්ලා සිටින විරෝධතාකරුවන් සහ කලාපීය පොලිසිය අතර ඉන්දුනීසියාවේදී (Indonesia) ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවී තිබෙන බව වාර්තා වේ. සාමාන්‍ය ජනතාවට අඩු වැටුප් ගෙවීම මෙම උණුසුම් තත්ත්වයට හේතුවයි. පසුගිය සතියේ පැවති විරෝධතාවක් අතරතුර සන්නද්ධ පොලිස් වාහනයක් විසින් ආහාර බෙදා හැරීමේ යතුරුපැදි රියදුරෙකු (delivery rider) තලා දමන බවට

ඉන්දුනීසියාවේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් වලින් 3ක් මරුට! Read More »

ඉන්දියා-චීන සබඳතා වැඩිදියුණු කිරීමට කැපවන බව මෝදි, ෂී ජින්පිං හමුවේ පවසයි

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (Narendra Modi) චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) හට පවසා ඇත්තේ, ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට තමා කැපවී සිටින බවයි. මෙම ප්‍රකාශය, එක්සත් ජනපදය විසින් ඉන්දියානු භාණ්ඩවලට දැඩි තීරුබදු පැනවීමෙන් දින පහකට පසුව සිදු වීම විශේෂත්වයක් වේ. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සහභාගී වීම සඳහා වසර හතකට පසු ප්‍රථම වතාවට චීනයට ගොස්

ඉන්දියා-චීන සබඳතා වැඩිදියුණු කිරීමට කැපවන බව මෝදි, ෂී ජින්පිං හමුවේ පවසයි Read More »

අභියාචනාධිකරණ තීන්දුව නොතකා සරණාගතයින් හෝටල්වල පදිංචි කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය පළාත් සභා දිගටම නඩු මගට

බ්‍රිතාන්‍යයේ පළාත් සභා කිහිපයක්, සරණාගතයින් හෝටල්වල පදිංචි කිරීමට එරෙහිව තවදුරටත් නඩු කටයුතු කරගෙන යන බව පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ, එංගලන්තයේ (England) ප්‍රධාන අභියාචනාධිකරණයක් (Court of Appeal) විසින් ඒ සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවක් නොතකායි. පසුගිය සිකුරාදා (29) අභියාචනාධිකරණය විසින් The Bell Hotel හි සරණාගතයින් පදිංචි කිරීම වැළැක්වීමට එප්පින් (Epping) හිදී ලබා දී තිබූ තාවකාලික නියෝගයක්

අභියාචනාධිකරණ තීන්දුව නොතකා සරණාගතයින් හෝටල්වල පදිංචි කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය පළාත් සභා දිගටම නඩු මගට Read More »

කෙන්යාවේ වනජීවී අභයභූමියකදී සංචාරකයෙකු අලියෙකුට බියර් පොවයි!

කෙන්යාවේ (Kenya) සිටි ස්පාඤ්ඤ ජාතික සංචාරකයෙකු තමන් අලියෙකුට බියර් පානය කිරීමට සලස්වන ආකාරය වීඩියෝගත කර සමාජ මාධ්‍යවල පළ කිරීමත් සමඟ ඒ සඳහා දැඩි දෝශාරෝපන එල්ල වන බව වාර්තා වේ. ඔහු වනජීවී රක්ෂිතයකදී ප්‍රදේශයේ ජනප්‍රිය බියර් වර්ගයක් වන Tusker පානය කර, ඉතිරිය අලියාට ලබා දෙන අයුරු වීඩියෝවක දැක්වෙන බව වාර්තා වේ. මෙම වීඩියෝව ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඉවත්

කෙන්යාවේ වනජීවී අභයභූමියකදී සංචාරකයෙකු අලියෙකුට බියර් පොවයි! Read More »

තායිලන්ත අගමැතිනිය ධුරයෙන් ඉවතට!

කාම්බෝජයේ (Cambodia) හිටපු නායකයා සමඟ පැවැත් වූ දුරකථන සංවාදයක් හේතුවෙන් තායිලන්තයේ (Thailand) හිටපු අගමැතිනිය වන පෙටොන්ග්තාර්න් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra), ඇගේ ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ඇය, මෙම තීන්දුව පිළිගන්නා බව ප්‍රකාශ කරමින්, “නමුත් තායිලන්ත ජාතිකයෙකු ලෙස, මම තායි ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට මගේ අවංකභාවය අවධාරණය කරනවා,” යැයි කෙටි මාධ්‍ය හමුවකදී පවසා ඇත. ලීක් වූ දුරකථන සංවාදයකදී,

තායිලන්ත අගමැතිනිය ධුරයෙන් ඉවතට! Read More »

එක්සත් රාජධානියේ තෙවැනි විශාලතම වානේ කම්හල රජයේ පාලනයට

එක්සත් රාජධානියේ (UK) තුන්වන විශාලතම වානේ කම්හල වන Speciality Steels UK (SSUK) රජයේ පාලනයට නතු වී ඇති අතර, රොදර්හැම් (Rotherham) සහ ෂෙෆීල්ඩ් (Sheffield) හි සේවකයින් 1,500කට ආසන්න පිරිසකගේ අනාගතය අවිනිශ්චිත වී තිබෙනවා. විවාදාත්මක ව්‍යාපාරිකයෙකු වන සංජීව් ගුප්තාගේ (Sanjeev Gupta) Liberty Steel ලෝහ අධිරාජ්‍යයට අයත් මෙම සමාගමට අය විය යුතු පවුම් මිලියන සිය ගණනක් හේතුවෙන් ණයහිමියන්

එක්සත් රාජධානියේ තෙවැනි විශාලතම වානේ කම්හල රජයේ පාලනයට Read More »

Scroll to Top